ශතවර්ෂ ගානකට ඉස්සර මං සුදු සිනිඳු වලාකුළක් අහස ඔස්සේ හරස් අතටම පීනන එදත් නුඹ සුළං රැ ල් ල ක් හිතුමනාපෙට විශ්වය සිසාරා පියඹන වලාකුළු අහසට බැඳ තබන සූත්‍රය ගැන හොදින් දැන උන්නා නුඹ ලෙහා ගෙන මා හදවත රැගෙන ඇවිදින් මේ නිහඩ නිම්නයට මෙහෙම අතරමං කළ එක අමතකත් ඇති නුඹ හට මම මෙතැන මේ මෙතැන නිහඩව ම මල් පිපෙන රොන් සැලෙන නිම්නයක නුඹ තව ම දුර දුවන පියාඹන නොනැවතී හමා යන නිල් පාට සුළඟක් ව
Posts
- Get link
- Other Apps
හැන්දෑව දි ගු වුණා නොහිතූ තරම් හිස් තැන් බොහෝ ඉතිරි කර කාලය හා අවකාශය වැඟිරුණා අහසින් . . . . පොළොවට අපරිමිත බලාපොරොත්තු සහිතව චිරි චිරි චිචිරි චිරි චිරි මං නිහඩතාව ප්‍රාර්ථනා කලා සුළඟ හීතලයි ... බරයි සමහරවිට සුළඟට පවා සිහින තියෙන්න පුළුවන් ! මං මගේ කළු කෙට්ටු සරීරය ගාල් කලා පුස් ගඳ නිහඩ කුටියට කවුළුව අගුළු කර වැ ති රු ණා මුහුණු පොත් පිටු අතර වැස්ස තාමත් එහෙම්මයි කාන්සිය මකා ගන්නට ආදරය නැතිනම් වෛරය ඕනාවටත් වැඩිය
මහද්වීපික ප්‍රේමය හෙවත් නුඹ සහ මම
- Get link
- Other Apps
කදු මුදුනෙ ගොඩ ගැහුණු මීදුමට ඔබ ඉදල්පහර දෙමින් හිටියා මගේ කාන්තාර හදවතට දැනුනෙ නෑ මොනවත් ම මං හිටියෙ ගිලිහුණු මේපල් පතක හුස්මක් ගිටාර් තතකට මුසු කර කර බෙංගාල ජන ගීයක සුවදින් වස්දඩු රාවයක් ඇහුණා ඈතින් අතීතයෙන් එස් එම් එස් පණිවිඩයක් ආ වා දුම් දමන අත්බණුවට කාලය දියවී වැගිරෙමින් ගියා අහස පුරා ඩාලිගේ ඔරලෝසු මගේ හදවත මහද්වීපයක් මොකක්දෝ දි ය සී රා ව ක් ගලන්න පටන්ගත්තා නයිල් නදිය තරම් දිගට මෙසපොතේමියාවේ ශිෂ්ටාචාරයේ තොටිල්ල ඇතුලෙ මං ළදරුවෙක් සියලූම පරමාදර්ශී සුන්දරත්වයන් අලු දූලි වෙලා ගියා අක්බඹරු හැඩය ගත් දුඹුරු කෙහෙ රැලි අතර
- Get link
- Other Apps
නැකැත් තරු වල බැට්රි බැස්සම හඳෙත් ආඩම්බර වැඩී එළිය හංගල තියාගන්නව වලා රෙද්දේ එති එතී ගෙයින් ගෙට යන සුළං රැල්ලට අතේ සතයක් නැතිම වුණහම එන්ජිමට පණ දෙන්න පෙට්‍රල් බිදක් නැතිවී කලකිරී එහෙම දවසක බෝක්කුව උඩ කල්පනාවේ පැටලෙතී පුරුදු විදියට අරාජික රැය වෙරිමතේ ගොළු අඳුර එනකොට කවුරු කවුරුත් සද්ද නිවලා දොර වසාගෙන ගෙට වෙතී ඇතැම් තැන්වල හීන් මුනු මුනු කදෝකිමි එළි දැල්වෙතී
- Get link
- Other Apps
ඔයා මට කියන්නෙම මහා මාරුතයක් ව ඉගිලෙන්න උඩයන්න වැජඹෙන්න ඇයි එහෙම ? "ජීවිතය තුඩින් ගෙන මාත් ළග තියාගෙන සිතු ලෙසින් පියඹන්න මාරුතය ඔබ වෙන්න" ඔබ කියන්නෙම එහෙම විසල් ගස් පෙරලන්න තුරු මඩුලු කළඹන්න අනන්තය අල්ලන්න මං කැමති නෑ ඔන්න මම ආස හැමදාම සිහිල් පවනක් වෙලා රස්තියාදුවෙ යන්න හිටි ගමන් දිව ඇවිත් කන්පෙත්ත සිප ගන්න ඇගිලි තුඩගින් ඔයා හෙමින් හීලෑකරන කෙහෙරැල්ල ආයෙමත් අවුල්කර දිවයන්න